සාදරයෙන් පිළිගනිමු

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ ගඟබඩ පත්තුවට අයත් වන කඹුරුපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වර්තමානයේ වර්ග කි.මි 60.68 ක භූමි ප්‍රමාණයකින් හා ග්‍රාම නිලධාරී වසම් 39 කින් සමන්විත වන අතර උතුරින් මුලටියන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයද, දකුණින් තිහගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයද, නැගෙනහිරින් කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයද, බටහිරින් අතුරලිය සහ මාලිම්බඩ ප්‍රාදේශීය සභා සභා බල ප්‍රදේශ වලින් වටවී ඇත.

සොබා දහමේ මහඟු දායාදයක් වන මාස්මුල්ල රක්ෂීත වනාන්තරයෙන් හා කොට්ඨාශයට ආසන්නව පිහිටි වීරකැලේ රක්ෂීතයෙන්ද ප්‍රදේශය ආසන්නයෙන් ගලා යන නිලවලා නදියෙන් හා ඌරුබොක්ක ප්‍රදේශයේ සිට ආරම්භ වී කොට්ඨාශය හරහා ගලා යන එන කිරම ආර අතු ගංගාවේ ජල දහරාවෙන්ද කුඩා ප්‍රමාණයෙන් ප්‍රදේශය පුරා විහිදී යන ඇළ දොළ රාශියකින්ද මෙම ප්‍රදේශය සමන්විත වන අතර, ලේනබටුව හා අල්ලෙවෙල ආදී වැව් ප්‍රදේශයට මායිම්ව පිහිටීම තුලින් සාරවත් වූ කඹුරුපිටි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වසර පුරා විහිදෙන වර්ශාපතනයකින් යුක්ත බැවින් වගාවන්ට යෝග්‍ය බිම් ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු වලට මහඟු පිටුවහලක් සපයයි. මානව සම්පතින් 64%කට ආසක්නන පිරිසක් ශ්‍රම බලකායට අයත් වන ප්‍රදේශයේ ජනතාවගෙන් බහුතරයකගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය වන අතර ඉන් වී ගොවිතැනට ප්‍රමුඛත්වය හිමිවන අතර, කුරුඳු, තේ, පොල් හා රබර් වගාවන් හී නිරත පිරිස් හඳුනා ගත හැකිය.

එමෙන්ම ගාඩාල්, කළුගල්, බ්ලොක් ගල් මෙන්ම බට කර්මාන්තය, මැටි කර්මාන්තය හා මැහුම් කර්මාන්තය යනාදී සුළු කර්මාන්ත හා ස්වයං රැකියා මෙන්ම පාරම්පරික කර්මාන්ත වල නිරත පිරිස්ද ඒ අතර වේ. යෝගට් නිෂ්පාදනය, ජල බෝතල් කිරීම ඇඟළුම් නිෂ්පාදනය කිරීම යනාදී මහා පරිමාණ කර්මාන්ත ශාලා තුනක්ද මෙම ප්‍රදේශයේ ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් සපයයි. එමෙන්ම ලෝකයේ ඇති එකම කුරුඳු පර්යේෂණ ආයතනය මෙන්ම රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකාර්මිකපීඨයද තාක්ෂණ විද්‍යා පීඨයද කඹුරුපිටිය ප්‍රදේශය තුල පිහිටා තිබීමෙන් ජාත්‍යන්තර වශයෙන්ද කීර්තිනායමක් අත්පත් කර ගන්නට මෙම ප්‍රදේශය සමත්වී ඇත.

secr

ගරු ලේකම්
කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව

ලේකම්
එල්.එල්.ජේ සඳමාලි
කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව

සභාපතිතුමාගේ පණිවිඩය

සංවර්ධනය වන කඹුරුපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියළු ජනතාවගේ සුඛ විහරණය සඳහා අවශ්‍ය වන්නා වූ සියළුම පහසුකම් වැඩි දියුණු කොට ඹවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම මාගේ ප්‍රධාන අරමුණ වේ.

එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රදේශීය සභාවක් වශයෙන් අප  වෙත ලැබී ඇති නෛතිකමය රාමුව තුළ ගත හැකි සෑම පියවරක්ම අනුගමනය කරමින් ප්‍රදේශයේ ජනතාවට ඵලදායී කාර්යක්ෂම කඩිනම් සේවාවක් සැපයීම සඳහා මා ඇප කැප වී සිටිමි.

ඒ අනුව යමින් කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව නව තාක්ෂණික ක්‍රමවේද රාජකාරී කටයුතු සඳහා යොදා ගැනීමේ අරමුණ පෙර දැරිව ආයතනය වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කිරීම අප තැබූ තවත් නැවුම් හා අර්ථවත් පියවරක් ලෙස මා දකිමි.අප බලාපොරොත්තු වන්නා වූ අරමූණු කරා යාමට සමස්ථ කාර්ය මණ්ඩලයේත්,බල ප්‍රදේශයේ ජනතාවගේත් සහයෝගය අපේක්ෂා කරමින් නව්‍යකරණයේ නවතම අත්දැකීම් සමඟ ඉදිරියට යාමට හැකි වේවායි පතමි.

මෙයට
සභාපති
ඩබ්.කේ ආනන්ද වීරසිංහ
කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව

ලේකම්
එල්.එල්.ජේ සඳමාලි
කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව

දැක්ම

මිනිසත් බව පිරි සෞභාග්‍යමත් අභිමානනීය පුරවරයක් සමගින් ආදර්ශමත් ප්‍රාදේශීය සභාවක් ගොඩනැගීම

මෙහෙවර

නීත්‍යානුකූල රාමුව තුල කටයුතු කරමින් ප්‍රදේශයේ පවතින භෞතික හා මානව සම්පත් ඵලදායී ලෙස මෙහෙයවමින් මහජනතාවගේ  ආධ්‍යාත්මික මෙන්ම සෞඛ්‍ය, මංමාවත් ඇතුළු පොදු පහසුකම් නගා සිටුවමින් බල ප්‍රදේශයේ තිරසර සංවර්ධනයක් කරා ප්‍රාදේශීය සභාව යොමු කරවීම.

දැක්ම

මිනිසත් බව පිරි සෞභාග්‍යමත් අභිමානනීය පුරවරයක් සමගින් ආදර්ශමත් ප්‍රාදේශීය සභාවක් ගොඩනැගීම

මෙහෙවර

නීත්‍යානුකූල රාමුව තුල කටයුතු කරමින් ප්‍රදේශයේ පවතින භෞතික හා මානව සම්පත් ඵලදායී ලෙස මෙහෙයවමින් මහජනතාවගේ  ආධ්‍යාත්මික මෙන්ම සෞඛ්‍ය, මංමාවත් ඇතුළු පොදු පහසුකම් නගා සිටුවමින් බල ප්‍රදේශයේ තිරසර සංවර්ධනයක් කරා ප්‍රාදේශීය සභාව යොමු කරවීම.

0
බල ප්‍රදේශය තුල
ජන ග්‍රහනය
0
බල ප්‍රදේශය
වර්ග කිලෝමීටර
0
නිලධාරී
මණඩලය
0
වරිපනම්
දේපල සංඛ්‍යාව
ලිපිනය:

ප්‍රාදේශීය සභාව,

කඹුරුපිටිය.

වීවෘත කාලසීමාව:

සඳුදා සිට සිකු: 08:00  – 06.00

සේවා අංශ

∗ පරිපාලන අංශය

∗ තාක්ෂණික අංශය

∗ සංවර්ධන අංශය

∗ පරිසර/ප්‍රජා සංවර්ධන අංශය

∗ ආදායම් අංශය

∗ ගිණුම් අංශය

ලිපිනය:

ප්‍රාදේශීය සභාව,

කඹුරුපිටිය.

වීවෘත කාලසීමාව:

සඳුදා සිට සිකු: 08:00  – 06.00