සියලුම ඉඩම් සංවර්ධන කටයුතු සහ ප්‍රාදේශීය සභා පරිපාලන බල ප්‍රදේශය තුළ ඉඩම් අවහිර කිරීම ප්‍රථමයෙන් ප්‍රාදේශීය සභාවෙහි ලියාපදිංචි කළ යුතුය. නාගරික ප්‍රදේශවල ඉඩම් සංවර්ධන කටයුතු නියාමනය කිරීමේ අරමුණින් මෙය සිදු කෙරේ.

සුදුසුකම්

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සංවර්ධනය කිරීමට හෝ අවහිර කිරීමට නියමිත ඉඩමක හිමිකරුවෙකු විය යුතුය. අයිතිකරුට ලියාපදිංචි ඔප්පුවක් තිබිය යුතුය. ඉඩම් කට්ටි අනුමත කිරීමේ ක්‍රියා පටිපාටිය ගෙවීමක් මත ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් ඉඩම් බෙදීමේ අයදුම්පතක් ලබා ගැනීම.

අනුමත කිරීමට නියමිත ඉඩමේ සැලැස්ම මුල් පිඹුරුපත්වල ඡායා පිටපත් තුනක් සහ අදාළ ඔප්පුවේ පිටපතක් නියමිත පරිදි සම්පුර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය සමඟ ගොඩනැගිලි අංශයට එවිය යුතු අතර ඉඩම් කට්ටි ප්‍රමාණය අනුව ගෙවූ රිසිට්පතක් ලබා ගත යුතුය. (මේ සම්බන්ධ විස්තර අයදුම් පත්‍රයේ දක්වා ඇත) අනතුරුව ප්‍රාදේශීය සභාවේ තාක්ෂණික නිලධාරියෙකු විසින් ඉඩම පරීක්ෂා කර අදාළ ලිපිගොනු සැලසුම් කමිටුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුමැතිය ලබා දෙනු ලැබේ. ඉන් පසුව අනුමත සැලැස්ම ‘අනුමතයි’ යනුවෙන් ප්‍රකාශ කිරීමෙන් පසුව ලබා ගත හැක. (වැඩිදුර විස්තර අයදුම් පත්‍රයේ දක්වා ඇත)

Connect With Us

ලිපිනය:

ප්‍රාදේශීය සභාව,

කඹුරුපිටිය.

වීවෘත කාලසීමාව:

සඳුදා සිට සිකු: 08:30  – 04.15

පී.ජී අෂාන් ඉෂංග 
ප්‍රධාන කලමණාකරන සේවා නිලධාරී
041-2292275
ඊමේල් - kamburupitiyaps@gmail.com

සේවා අංශ

∗ පරිපාලන අංශය

∗ තාක්ෂණික අංශය

∗ සංවර්ධන අංශය

∗ පරිසර/ප්‍රජා සංවර්ධන අංශය

∗ ආදායම් අංශය

∗ ගිණුම් අංශය

නම්කළ නිලධාරියා

එල්.එල්.ජේ සඳමාලි
ලේකම්
041-2293639
ඊමේල් - kamburupitiyaps@gmail.com
ලිපිනය:

ප්‍රාදේශීය සභාව,

කඹුරුපිටිය.

වීවෘත කාලසීමාව:

සඳුදා සිට සිකු: 08:00  – 06.00